විදුලිය විසන්ධි කර ඇති බැවින් මිහින්තලා පුදබිමට පැමිණෙන පිරිස් ඇඳිරි වැටීමට පෙර පැමිණෙන ලෙස මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.
විදුලිය විසන්ධි කර තිබීම හේතුවෙන් ඊයේ (03) රාත්‍රියේ පැමිණි විදෙස් සංචාරකයන් පිරිසක් පන්දම් දල්වා ගනිමින් එහි නැරඹුම් ස්ථාන නිරික්ෂණය කළ බවයි උන්වහන්සේ සඳහන් කළේ.
2022 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා රුපියල් ලක්ෂ 41ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් ඊයේ මිහින්තලා පුජා භුමියේ විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර තිබුණා.

