2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග පැවති පළමු දින 03 තුළ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ‘ලිට්ල් හාට්ස්’ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1.8 ක් පරිත්‍යාග කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව මෙතෙක් ක්‍රීඩා කර ඇති පළමු තරග 5 තුළදී හතරේ පහර 129 ක් සහ හයේ පහර 50 ක් වාර්තා වී ඇති අතර, නිලකුණු පන්දු 494 ක් යොමුකර තිබු බවයි සඳහන් වන්නේ.
තරගාවලියේ සෑම තරගයකදීම සෑම හතරේ පහරකටම රුපියල් 4,000ක්, ලකුණු හයක් සඳහා රුපියල් 6,000 ක් සහ තරගාවලියේදී යවන සෑම නිලකුණු පන්දුවකටම රුපියල් 2,000 බැගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිට්ල් හාට්ස් වෙනුවෙන් පරිත්‍යාග කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.


