LPL 2023: ඊයේ තරග සාරාංශය

lpl-2023-new-thumb

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (01) පැවති තරගවලින් ජය ගැනීමට Dambulla Aura කණ්ඩායම සහ Galle Titans කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඊයේ පැවති පළමු තරගය Dambulla Aura කණ්ඩායම සහ Jaffna Kings කණ්ඩායම සමඟ පැවති අතර එහිදී කාසියේ වාසිය දිනාගත් Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 129 ක් ලබාගත් අතර එම කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 56 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Dambulla Aura කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු දෙකක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වූ අතර එහිදී එම කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 52 ක් ලබා ගත්තා.

ඉන් අනතුරුව ඊයේ පැවති දෙවන තරගය Galle Titans කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම සමඟ පැවති අතර එහිදී කාසියේ වාසිය දිනා ගත් Galle Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

Galle Titans කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 180 ක් ලබාගත් අතර එම කණ්ඩායම වෙනුවෙන් Tim Seifert ලකුණු 74 ක්, Shakib Al Hasan ලකුණු 30 ක් හා ශෙවෝන් ඩැනියල් ලකුණු 25 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ B-Love Kandy කණ්ඩායමට පන්දුවාර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 97 ක් පමණක් වන අතර එම කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත්තේ අශේන් බණ්ඩාර වන අතර ඔහු ලකුණු 27 ක් ලබා ගත්තා.

ඒ අනුව Galle Titans කණ්ඩායම ලකුණු 83 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් වුණා.