අක්ෂි සැත්කම් සිදු කිරීමෙන් පසු භාවිතා කළ ඖෂධයකින් සංකූලතා ඇති වු සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් ආර්.එම්.එස්.කේ. රත්නායක පවසනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් 10 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
මේ වන විට ඖෂධය ගෙන්වන ලද ආයතනය, ඖෂධය පාවිච්චි කරන ලද ආයතන සහ ඖෂධ පාවිච්චි කරන ලද රෝගීන් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාගෙන ඇති බවද ඔහු සඳහන් කළා.
ලබාගත් තොරතුරු මත සියලුම දත්ත වාර්තා විශ්ලේෂණය කර සම්පූර්ණ වාර්තාවක් සෞඛ්‍ය ලේකම්වරයාට භාරදීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග අමාත්‍යංශය විසින් තීරණය කරනු ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් ආර්.එම්.එස්.කේ. රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

