සමනල වැව ජලාශයෙන් ජලය නිකුත් කිරීමට කටයුතු කළහොත් ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවලට අවම පැය 4 ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව සමනල වැව ජලාශයේද මේ වන විට ජල මට්ටම අඩුවී ඇති බවත් එයින් ජලය නිකුත් කළද ගොවිතැන් කළ හැක්කේ දින තුනක් හතරක් පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම තත්ත්වය යටතේ විදුලිය කප්පාදුවකින් තොරව නිකුත් කළ කැකි ජල ප්‍රමාණය පමණක් නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ.

