LPL 2023: Dambulla Aura කණ්ඩායමට ලකුණු 181 ක ඉලක්කයක්

lpl-2023-new-thumb

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Galle Titans හා Dambulla Aura කණ්ඩායම් අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Aura කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Titans කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී Galle Titans කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂ ලකුණු 48 ක්, ශෙවෝන් ඩැනියල් ලකුණු 33 ක් සහ නායක දසුන් ශානක නොදැවී ලකුණු 42 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Dambulla Aura කණ්ඩායම වෙනුවෙන් Shahnawaz Dahani කඩුලු 2 ක්ද බිනුර ප්‍රනාන්දු හා ධනංජය ද සිල්වා කඩුලු 1 බැඟින්ද බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව Dambulla Aura කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 181 ක්.

ලකුණු පුවරුව පහතින්.

64c798746fa1f