සර්ව පාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ සුපුරුදු දේශපාලනික ක්‍රියාවලියේම කොටසක් – සජබ

samagi-jana-balawegaya

උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ සුපුරුදු දේශපාලනික ක්‍රියාවලියේම කොටසක් මිස අනෙකක් නොවන බව සමගි ජන බලවේගය පවසනවා.

ඒ අනුව එවැනි වාතාවරණයක් තුළ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට හැකිවේද යන්න සැක සහිත බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරමින් සමගි ජන බලවේගය සඳහන් කරන්නේ.

උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විපක්ෂයෙන් ප්‍රතිචාර ඉල්ලා සිටින බවත් සිදුවිය යුත්තේ ප්‍රතිචාර ලබාගැනීම සඳහා වූ යෝජනාවක් රජයෙන් ඉදිරිපත් කිරීම බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.

රජය සිය යෝජනා ඉදිරිපත් කළ පසු විපක්ෂය සිය වගකීම් ඉටු කිරීමට සූදානම් බවයි ඔවුන් සිය නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

64c2345726a05