ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි (27).
ඒ අනුව ඊයේ (26) දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 563 ක් ලබා සිටියා.
පන්දුවට පහර දෙමින් සිටින අගා සල්මන් සිය දෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 132 ක් ද, මොහමඩ් රිස්වාන් ලකුණු 37 ක් ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.
ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 397 ක්.

