FIFA සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව

fifa-head

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට අදාළ ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවසර ලබාදීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොන්දේසි සහිතව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය විසින් මෙම අවසරය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙම ලෝක කුසලාන තරගයට අවම වශයෙන් දින 10කට පෙර සිය නිලවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය වන අතර එසේ නොවුවහොත් ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට ඉඩ ලබා නොදෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

FIFA ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග 2023 ඔක්තෝම්බර් 12 සහ 17 යන දිනවල පැවැත්වීමට නියමිතයි.

64c1c4776111a