උසස් පෙළ පිළිතුර පත්‍ර ඇගයීම් අවසන් අදියරට පැමිණ ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
එමෙන්ම සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ද ආරම්භ කිරීමට නියමිත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙම වසරේ අගෝස්තු පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය නොවැම්බර් මාසයේ පැවැත්වීමට දින යොදා ඇති බවත්, 2023 සාමාන්‍ය පෙළ විභාගයද ලබන වසරේ සිංහල අලුත් අවුරුද්දට පෙර පවත්වන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

