ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි (25).
ඊයේ (25) දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 10 කට පමණක් සීමා කිරීමට සිදුවූ අතර දිනය නිමා වන විට පාකිස්තානය කඩුලු 2 ක් දැවී ලකුණු 178 ක් ලබා සිටියා.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 87 ක් ද, බාබර් අසාම් ලකුණු 28 ක් ද ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා පාකිස්තානය මේ වන විට ලකුණු 12 ක් ඉදිරියෙන් පසුවනවා.

