රජයේ මිනින්දෝරු නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් අද (26) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මේ වනවිට උද්ගතවී ඇති මානව හා සම්පත් ගැටලුව ඇතුළු තවත් ගැටලු කිහිපයකට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් එම ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ සඳහන් කළේ.
අද පැවැත්වෙන විරෝධතාවට ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් යළිත් අගෝස්තු 02 වනදා ලෙඩ නිවාඩු වාර්තා කර උද්ඝෝෂණයක් පවත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

