සර්ව පාක්ෂික සමුළුව සම්බන්ධයෙන් ජවිපෙ සහ සජබ තීරණයක් ගනී

anura-sajith

ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (26) සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අදාළ සාකච්ඡාවට සම්බන්ධවීම සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණය කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළා.

එසේම මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළා.