සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.
අදාළ ණය මුදල ලබාගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමග අදාළ ගිවිසුමට එළඹීමට ජනාධිපතිවරයා විසින් කළ යෝජනාවටයි කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ.
ඒ අනුව අස්වැසුම සුබසාධන ගෙවීමට සහාය වීම සඳහා ඩොලර් මිලියන185ක් ද, තෝරාගත් ප්‍රතිලාභීන් ආර්ථික වශයෙන් සවිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 7ක් ද, සමස්ත ව්‍යාපෘතිය කළමනාකරණය සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 6ක් ද වශයෙන් සංරචක තුනක් යටතේ එම ණය මුදල ලබාගැනීමට නියමිත බව අදාළ කැබිනට් තීරණයේ වැඩිදුරටත් සඳහන්.


