ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය මේ වන විට කොළඹ SSC පිටියේදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 166 ක් පමණයි.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 57 ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 34 ක්, රමේෂ් මෙන්ඩිස් ලකුණු 27 ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 17 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් Abrar Ahmed කඩුලු 4 ක් හා Naseem Shah කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත් වුණා.
මේවන විට පකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉණිම සඳහා පන්දුවට පහරදෙමින් සිටිනවා.
ලකුණු පුවරුව පහතින්.


