ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලාභී සියලුම බැංකු වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත පහත දැමීමට වහා පියවර ගන්නා ලෙසයි මහ බැංකුව දැනුම්දී ඇත්තේ.
එලෙස ණය පොලි අනුපාත ප්‍රමාණවත් ලෙස පහත නොදමන්නේ නම් හෝ ඒ සඳහා ප්‍රමාදවන්නේ නම් ඒ සම්බන්ධයෙන් මහ බැංකුවට පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය හැකි බවයි මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

