ආනයනික පොල්තෙල් සඳහා බද්දක්

oil-bottle

ආනයනික පොල්තෙල් සඳහා නව බද්දක් පැනවීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව ලබන සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික පොල්තෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක බද්දක් පැනවීම කෙරෙහි අවධානය යොමුවී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මේ පියවර ගත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.