සංචාරක ක්ෂේත්‍රයේ නියැළෙන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාර ධාර්මික බව වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට Clean Sri Lanka ලේකම් කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව එහි මූලික සාකච්ඡාවක් Clean Sri Lanka ලේකම් කාර්යාලයේදී පැවැත්වුණ අතර, මෙම වර්ෂය තුළදී දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි කුලී රථ රියදුරන් දස දහසක් පුහුණු කිරීමට එහිදී සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
ඊට වියදම වශයෙන් රුපියල් මිලියන 25ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, එක් පළාතක වැඩසටහන් 10 බැගින් පැවැත්වීමට අපේක්ෂා කෙරෙනවා.
මෙහිදී ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මාර්ග නීති සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබා දීම, වගකීම් සහගත බව ඇති කිරීම, ප්‍රවාහන සේවා සැපයීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම, සංචාරකයාගේ අභිමතාර්ථ ඉටුවන අයුරින් සේවා සැපයීම, සංචාරක ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මෘදුකාංග යෙදවුමක් හඳුන්වා දී සංචාරක කර්මාන්තය ආශ්‍රිත සේවාවල ගුණාත්මක බව වැඩිදියුණු කිරීම ආදිය සිදුකෙරෙන බවයි සඳහන් වෙන්නේ.
මීට අමතරව, මිත්‍රශීලීව හා ගුණාත්මක ලෙස පාරිභෝගික සේවා පවත්වාගෙන යාම සඳහා ත්‍රීරෝද රථ රියදුරන් තුළ යහපත් ආකල්ප ප්‍රවර්ධනය, පුද්ගලික සනීපාරක්ෂාව සහ වෘත්තීමයභාවය වැඩි දියුණු කිරීම, තමන් ආවරණය කරන ප්‍රදේශ හා ස්ථාන පිළිබඳ දැනුම වර්ධනය කිරීම ආදිය සිදු කිරීමටද අපේක්ෂා කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය පහතින්