ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අද (18) අවසන් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 09 ක් දැවී ලකුණු 484 ක් ලබා සිටිනවා.
පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටින නායක Najmul Hossain Shanto ලකුණු 148 ක්, Mushfiqur Rahim ලකුණු 163 ක් හා Litton Das ලකුණු 90 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක හා තරිඳු රත්නායක කඩුලු 03 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ලකුණු පුවරුව පහතින්.