බංගලාදේශ තරගාවලිය​ට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

srilanka-test-team

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් කර ඇති අතර මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 6 දෙනෙකු සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

ලහිරු උදාර, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, පවන් රත්නායක, තරිඳු රත්නායක සහ ඉසිත විජේසුන්දර මෙම නවක ක්‍රීඩකයින් වනවා.

ලහිරු කුමාර මෙම සංචිතයට පළමුව නම් කර ඇතත්, ඔහු පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වීම හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 17 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ 2025-2027 ටෙස්ට් ලෝක ශූරතාවලියේ පළමු තරගාවලිය වනවා.

අදාළ සංචිතය පහතින්.

news images