ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට එකඟ වූ පසු, ආණ්ඩුවට ඒ අනුව කටයුතු කිරීමට සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසනවා.
ඒ අනුව ආණ්ඩුව මේ වන විට එම වැඩසටහනට එකඟ වී ඇති නිසා විදුලිබල වැඩි කරන බවට ජනතාවට පැහැදිළිව ප්‍රකාශ කළ යුතු බවයි අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
විදුලිබිල සම්බන්ධ ගැටලුවේදී ජනතාව විශාල පීඩනයකට පත්ව ඇති බවද, බුද්ධිමත්ව කල්පනා කර මෙය කළමණාකරණය කරන්නේ කෙසේදැයි පුළුල්ව බැලිය යුතු බවද ඔහු ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව වැඩකළ යුතු බවත්, ජනතාවට එකක් පවසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට තවත් දෙයක් පැවසීමේදී මෙවැනි අලකලංචි සිදුවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.