මුදල් වංචා කළ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් චීන ජාතික කාන්තාවක් කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවට සංචාර වීසා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීම සහ අමෙරිකානු ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් එක් ලක්ෂ අනූ එක්දහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අදාළ කාන්තාවට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණු බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව විමර්ශන පැවැත්වූ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර‍, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි චීන ජාතික කාන්තාවක් වන අතර, එම කාන්තාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.