දිවයින පුරා ඇති සියලුම තැපැල් කාර්යාලවල සේවකයින් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව අද (28) මධ්‍යම රාත්‍රියේ සිට එම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ සඳහන් කළේ.
එසේම කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සංකේත වැඩ වර්ජනය අද සවස 4.00ට ආරම්භ කරන බව විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළා.