හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ අද සිට (25) තැම්පත් කර තිබෙනවා.
ඒ අනුව දේහය අද සිට මහජන ගෞරව සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තැන්පත් කර තැබෙන අතර හෙට දිනයේ නිදහස් චතුරස්‍ර මන්දිරයේදී ද මහජන ගෞරව දැක්වීමට අවස්ථාව සලසා ඇති බවයි සඳහන් වෙන්නේ.
මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
කලක් රෝගාතුරව සිටී මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූ අතර ඇය මිය යන විට 78 වන වියේ පසු වුණා.