රටක දියුණුව රැඳී තිබෙන්නේ ඒ රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඵලදායීතාවය වැඩි කිරීමෙන් අපේ ජීවන තත්ත්වය උසස් විය හැකි බවත්, ඵලදායීතාවය පහත වැටීම රටකට අහිතකර ලෙස බලපාන බවයි ජාතික ඵලදායීතා සම්මාන තරගාවලිය 2025/2026 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අගමැතිවරිය සඳහන් කළේ.
ඵලදායිතාවය යනු වෙහෙස මහන්සි වී වැඩ කිරීම පමණක් නොව, අරපිරිමැස්මෙන් හා වගකීමෙන් භාවිත කිරීම තුළින් ඉහළ ඵලදායීතාවයක් ලබා ගැනීමට හැකිවීම බවද ඇය පවසා සිටියා.
උපායමාර්ගික වශයෙන් ආයෝජන වැඩි කිරීමටත්, තිරසර සංවර්ධනයක් සහතික කිරීමටත්, තරගකාරීත්වය ඉහළ නැංවීමටත් යන කාරණාවලට ඵලදායීතාවය වැඩි කිරීම අත්‍යවශ්‍ය වෙන බවයි අගමැතිවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.