මින් ඉදිරියට කැබිනට් මාධ්‍ය හමුව ආවරණය කිරීමට ඉඩ ලබා දෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් හැඳුනුම්පත් නිකුත් කළ මාධ්‍යවේදීන් සඳහා පමණක් බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඒ අනුව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී තමාට ඇත්තේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමටත් නිශ්චිත ප්‍රශ්න කිහිපයක් ඇසීම සුදුසු බවත් කැබිනට් මාධ්‍ය හමුවේදී යම් සංයමයක් පවත්වාගත යුතු බවයි අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
මෙය අයාලේ යාමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇතුළු විවිධ පාර්ශවවලින්ම චෝදනා එල්ලවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
සෑම ප්‍රශ්නයක් සඳහාම පිළිතුරු ලබාදිය නොහැකි බවත් අමාත්‍යංශ මට්ටමින්ද ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාගත හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර මාධ්‍ය හැඳුනුම්පත අනිවාර්ය කිරීම හරහා මාධ්‍ය මර්දනයක් සිදු නොවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
ඉදිරියේදී මාධ්‍යවේදීන් සඳහා ශිෂ්‍යත්ව ආදී දේ ලබාදීමට සැලසුම් කර ඇති බවත් එහිදී මාධ්‍යවේදීන් හඳුනාගැනීමට ඇති එකම දෙය වන්නේ අමාත්‍යංශය මඟින් නිකුත් කළ හැඳුනුම්පත පමණක් බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.