දින දහයක් පැවැත්වුනු “සිරි දළදා වන්දනාව” වැඩසටහනෙන් පසු මහනුවර වැව පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතයක් Clean Sri Lanka ලේකම් කාර්යාලය සහ නාවික හමුදාව එක්ව ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙහිදී නුවර වැවට බැහැර කර තිබූ ප්ලාස්ටික් බෝතල් සහ ප්ලාස්ටික් ඇසුරුම් ඇතුළු කැළිකසළ ඉවත් කර, නුවර වැව යළි යථා තත්ත්වයට පත් කළ බවයි සඳහන් වන්නේ.
ස්වේච්ඡා කණ්ඩායම් සහ මහජනතාවගේ සහාය ද මෙම ක්‍රියාන්විතය සඳහා හිමිවුණු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.