ආසියානු කුසලාන කාන්තා බේස්බෝල් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ඉරානයට එරෙහිව පැවති තරගය ලකුණු 13 – 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා බේස්බෝල් කණ්ඩායම සමත්වුණා.
තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු වටයේ තරගයක් ලෙස මෙම තරගය පැවැත්වුණා.
මෙය ජාත්‍යන්තර බේස්බෝල් පිටියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් ලැබූ මංගල ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ශ්‍රී ලංකාව මූලික වටයේදී A කාණ්ඩයෙන් තරග වදින අතර, ඉන්දියාව, පකිස්තානය සහ ඉරානය ඊට ඇතුළත් සෙසු කණ්ඩායම් වනවා.