තීරුබදු ගැන අමෙරිකානු නියෝජිතයින් සමඟ පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් රජයෙන් ප්‍රකාශයක්

presidential-secretariat

අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත (USTR) කාර්යාලය සමඟ වොෂින්ටන් DC හි පැවති සාකච්ඡා සම්බන්ධයෙන් රජය විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා දූත පිරිසක් පසුගිය අප්‍රේල් 22 වන දින, එම කාර්යාලයේ තානාපති Jamieson Greer හමුවූ බවත්, එහිදී මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් අනුව, ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත තානාපතිවරයා වෙත යොමු කළ ලිපි ගනුදෙනුවෙහි මුල් පිටපත් ශ්‍රී ලංකා දූත පිරිස විසින් භාර දී ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳව එහිදී නියෝජිත පිරිස තානාපතිවරයා දැනුවත් කර ඇති අතර, වෙ‍ළෙඳ හිඟය අඩු කිරීමටද, තීරුබදු සහ තීරුබදු නොවන බාධක අවම කිරීම සඳහා ද එක්සත් ජනපද රජය සමඟින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති යුහුසුළු සහ ධනාත්මක කැපවීම පිළිබඳවද මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස පෙන්වා දී තිබෙනවා.

මෙම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති යෝජනා ඇගැයුමට ලක් කළ තානාපති Jamieson Greer දෙරට අතර අපක්ෂපාතී හා සාධාරණ වෙ‍ළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බවට ද අපේක්ෂාව පළකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images