කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ, උපරිම සංයමයෙන් ක්‍රියාකරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ඉල්ලා තිබෙනවා.
මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය තවදුරටත් පිරිහීමට ලක් නොවීමට වග බලාගත යුතු බවයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසා සිටියේ.
පකිස්ථානය සහ ඉන්දියාව අතර ඕනෑම ගැටලුවක්, අන්‍යෝන්‍ය මැදිහත්වීමකින් සාමකාමීව විසඳා ගැනීමට හැකි බවට විශ්වාස කරන බවයි මෙම නොසන්සුන්කාරී තත්ත්වය පිළිබද අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබෙන්නේ.