අග්බෝපුර පොලිස් වසමේ කන්තලේ – ත්‍රිකුණාමලය මාර්ගයේ 85 කණුව ආසන්නයේ ලොරි රථයක් හා බස් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බස් රථයේ රියදුරු හා එහි ගමන් ගත් කුඩා දරුවන් ඇතුළු 20 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අග්බෝපුර සිට කන්තලේ දෙසට ගමන් ගත් කැබ් රථයක පසුපසින් එම දිශාවටම ධාවනය වූ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් පසු ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයකද බස් රථය ගැටී ඇති බවයි වාර්තා වෙන්නේ.