කොළඹ කොටස් වෙළෙඳපොළ අද (08) දිනයේ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබෙනවා.
ඒ අනුව අද (08) දින තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 467.26 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී ඇති බවයි සඳහන් වෙන්නේ.
ඊයේ (07) දිනයේ දී ඒකක 15,000 සීමාවෙන් පහළට පැමිණි සියලු කොටස් මිල දර්ශකය, අද (08) දිනයේ දී නැවත වරක් එම සීමාව ඉක්මවා යාමට සමත් වූ අතර, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,127.71 ක් ලෙස සටහන් වී තිබුණා.
එසේම අද දින රු. බිලියන 2.89 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.