දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර නිල හමුව අද (05) පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
ඉන් අනතුරුව දෙරටේ රාජ්‍ය නායකයන් දෙපළ හා නියෝජිත පිරිස ද්වි-පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබූ අතර, ඉන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගි වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පවත්වනු ලැබුවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල වශයෙන් පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද උදෑසන කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදි පවත්වනු ලැබුවා.