ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වි-පාර්ශ්වික ගිවිසුම්වලට අත්සන් තැබීම අද දහවල් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවුණා.
ඒ අනුව, ආරක්ෂක, සෞඛ්‍ය, ඩිජිටල් තාක්ෂණය, ආර්ථික යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම ද්වි-පාර්ශ්වික ගිවිසුම් අත්සන් කර ඇති බවයි සඳහන් වන්නේ.
මීට අමතරව, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් මෙගාවොට් 120ක සාම්පූර් සුර්ය බල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මාර්ගගත ආකාරයෙන් ආරම්භ කිරීම ද මෙහිදී සිදුවුණා.
එසේම දඹුල්ලේ ඉදිකෙරුණු කෘෂි ශීතාගාර සංකීර්ණය ද, ආගමික ස්ථාන 5000 ක වහල මත ඉදිකෙරුණු සූර්ය පැනල ව්‍යාපෘති ද මාර්ගගතව විවෘත කිරීම ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි විසින් සිදුකෙරුණා.