ආනයන බදු ගැන අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට රජය සූදානම් බවට නිවේදනයක්

ministry-of-Finance

වෙළඳ අසමතුලිතතා විසඳා ගැනීමට සහ ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට එක්සත් ජනපදය සමඟ කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව මුදල් අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

2023 මාර්තු මාසයේ සිට IMF විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ සිටින ශ්‍රී ලංකාව, ආර්ථික ප්‍රකෘතිමත් වීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහයන් සඳහා එක්සත් ජනපද සහයෝගයේ වැදගත්කම අවධාරණය කරන බවත්, 2024 දී ආර්ථිකය ස්ථාවර වෙමින් 5% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති පසුබිමක ගෝලීය ඉල්ලුම මන්දගාමී වීම එහි ප්‍රගතියට බලපෑ හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

නව අවස්ථා විවෘත කිරීම සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් වෙළඳ බාධක අඩු කිරීමට සහ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩි දියුණු කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවී සිටින බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images