අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් 01 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඇගයීම් මධ්‍යස්ථාන 1,066 ක් තුළදී එම කටයුතු ආරම්භ වන අතර අප්‍රේල් 01 වැනිදා සිට 10 වැනිදා දක්වා පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.
ඒ සඳහා එක්වන ගුරුවරුන් සංඛ්‍යාව 16,000 කට ආසන්න බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.