ටිරාන් අලස්ව හෙට CID යට කැඳවයි

tiran-alles-nn

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

ඒ අනුව 2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම සිදුවීමටම අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.