අද දිනය (27) සඳහා ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල සහ කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, අම්පාර දිස්ත්‍රික්ක සඳහා එම නිවේදනය අදාළ වන අතර, එම ප්‍රදේශවලට තැනින් තැන වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.