නිදහස ගෙන දුන් නායකයින් දඩයම් කිරීමට යන විට ආණ්ඩුව එය නොදැක්කා සේ බලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඒ අනුව ආණ්ඩුව සිදුකරන ප්‍රකාශ දෙස බැලීමේදී, එය අපේ රටේ ආණ්ඩුව විසින් රටේ රණවිරුවන් වෙනුවෙන් සිදුකරන ප්‍රකාශයක් ද, නැතහොත් ජාත්‍යන්තර සංවිධාන වෙනුවෙන් කරන ප්‍රකාශයක් ද යන්න ගැටලු සහගත බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
LTTE ඩයස්පෝරාව හරහා, යුද්ධය අවසන් කරන ලද රණවිරුවන් යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගැසුවද, ඔවුන්ට මේ රටේ ආර්ථිකය ගොඩ නැගිය නොහැකි බවත්, ජනතා ගැටලු විසඳිය නොහැකි බවත් ආණ්ඩුව මතක තබාගත යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.