Starlink බ්‍රෝඩ්බෑන්ඩ් සේවා අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකයි – නලින්ද ජයතිස්ස

Starlink-1

Starlink චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව 2025 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අනුව, මෙම අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලාංකිකයින්ට Starlink බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවට ප්‍රවේශ විය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙහිදී අන්තර්ජාල පරිශීලකයින් හට සපයනු ලබන සේවාවේ ගුණාත්මකභාවය සහතික කිරීමට මෙන්ම, ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටළු විසඳීමටද රජය පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.