බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම හමුදා ප්‍රධානීන්ට අදාළ චෝදනා කොතැනකවත් ඔප්පු කර නැති බවත්, එවකට ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ තමන් විසින් එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරීමට තීරණය කළ බවත්, ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කළ බවයි ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.
යුද්ධය අතරතුරදී මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු වූ බවට බ්‍රිතාන්‍ය රජය විසින් කරන චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව ද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර සිටිනවා.
දශක තුනක එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරීන් 27,965 දෙනෙකුගේ ජීවිත ද, දේශපාලන නායකයන් ඇතුළු සිවිල් වැසියන් දහස් ගණනකගේ ද ජීවිත අහිමි වූ බවත්, 2009 දී ශ්‍රී ලංකාව පරාජය කළේ එක්සත් ජනපදයේ FBI ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට 2008දී නිල වශයෙන් නම් කරන ලද සංවිධානය බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
අවසන් යුද්ධයේ ක්‍රියාකළ යුධ හමුදාපතිවරයා 2010 ජනාධිපතිවරණයේදී උතුරු හා නැගෙනහිර පළාත්වල ප්‍රකාශිත ඡන්දවලින් 60% කට වඩා දිනා ගත් බව ද, බ්‍රිතාන්‍ය රජය ප්‍රවර්ධනය කරමින් සිටින මතය එයින් නිෂ්ප්‍රභා වන බව ද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින්, විදේශීය රජයයන් සහ සංවිධානවලින් එල්ලවෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව ඍජුව පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ නිවේදනය පහතින්