සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි සක්‍රීය කෙරේ

cabinet-updates

සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි සක්‍රීය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

සමූපකාර තොග වෙළෙඳ සංස්ථා පනත පරිච්ඡින්න කර, එම ආයතනය ඈවර කිරීමට පසුගිය රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් 2024-09-02 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබුවා.

නමුත්, මහජනතාව වෙත ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිල ගණන් යටතේ, අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ අරමුණින්, වෙළෙඳපොළ මෙහෙයුම් තුළ රජයේ කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව පවතින බව හඳුනාගෙන තිබෙනවා.

එබැවින්, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීම සම්බන්ධයෙන් පෙර අමාත්‍ය මණ්ඩල විසින් ගනු ලැබූ තීරණය අවලංගු කර, ශක්‍යතාවයෙන් යුත් ව්‍යාපාරික සැලැස්මක් මත පදනම්ව, එම සංස්ථාවේ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images