රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේශබන්දු තෙන්නකෝන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම විමර්ශන නිලධාරීන් දුම්බර බන්ධනාගාරයට පැමිණ ප්‍රකාශ සටහන් කර ගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක පැවසුවේ.
2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම W15 හෝටලය අසළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.