මෙරට හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු එරෙහිව එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීම ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් X පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
එක්සත් රාජධානියේ නවතම සම්බාධක පැනවීම් මානව හිමිකම් ගැන කාරණයක් නොව LTTEයේ සහාය ලත් අයගේ අඛණ්ඩ බලපෑම්වල ප්‍රතිඵලයක් බවත්, මෙය යුක්තිසහගත නොවන බවයි ඔහු පවසා සිටින්නේ.
මෙය සමහර බටහිර දේශපාලනඥයන් මුදල් හරහා බලපෑම් කිරීමේ වරප්‍රසාද භුක්ති විඳිමින්, අපේ ජාතියේ සංහිඳියාව අවදානමට ලක්කිරීමක් බවද සිය X පණිවිඩය මඟින් මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා.
මෙම සම්බාධක මගින් අපගේ හමුදාවන්ගේ චිත්ත ධෛර්යය පහත හෙළනු ඇති බවද, එවැනි තවත් අර්බුදයක් ඇති වුවහොත්, හමුදාවන්ට සටන් කිරීමට ධෛර්යයක් නොමැති විය හැකි බවද ඔහු සඳහන් කරනවා.
ඇතැම් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන හරහා ප්‍රජාවන් අතර බෙදීම් ඇති කිරීම සඳහා වරප්‍රසාද ලබා ගන්නා ඇතැම් දෙමළ දේශපාලනඥයන්ගේ න්‍යාය පත්‍රයට හසු නොවන ලෙසයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අදාළ X පණිවිඩය පහතින්.