නව හැවිරිදි බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා.
ඊට අමතරව විත්තිකරුට රුපියල් 75000/- ක දඩ මුදලක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත්, අමතරව වසරක ලිහිල් සිර දඬුවම් නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම විත්තිකරු විසින් අතවරයට පත් දැරියට ලක්ෂ තුනක වන්දියක් ගෙවිය යුතු බවට නියෝග කළ අතර, එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසරක ලිහිල් සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
2011 වසරේ සිදුවූ මෙම සිදුවීමට අදාළව 59 හැවිරිදි වියේ පසු වන ජංගම එළවළු වෙළෙන්දෙකුට මෙම දඬුවම් නියම කර තිබෙන බවයි සඳහන් වන්නේ.