මෙරට රජයේ රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව බොරැල්ල කාසල් රෝහලේ ස්ථාපිත කර තිබෙනවා.
ඒ අනුව මඳසරුභාවය හේතුවෙන් දරු ඵල නොමැතිව පීඩා විඳින මව්පියන් වෙනුවෙන් දරුවන් ලබාදීම අරමුණු කර ගනිමින් මෙය ආරම්භ කර තිබෙනවා.
ශුක්‍ර ධාතු ලබා දීම සඳහා මෙහි පැමිණෙන පුද්ගලයින් පරීක්ෂණ කිහිපයක් සඳහා පෙනී සිටිය යුතු අතර අදාළ පරීක්ෂණ සමත්වීමෙන් අනතුරුව යළිත් මාස 3 කට පසු එම පරීක්ෂණවලටම ලක් කිරීමෙන් අනතුරුව සුදුසු පියවරුන්ගේ ශුක්‍ර ධාතු ලබා ගන්නා බවයි කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කළේ.
මෙය ඉතාමත් රහසිගතව සිදුවන ක්‍රියාවලියක් බවත් පුද්ගලිකත්වයද ආරක්ෂා කරන බවයි වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කළා.
මේ සඳහා සම්බන්ධවීමට කැමති පුද්ගලයින්ට 0112678999 හා 0112672216 යන දුරකථන අංක හරහා කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු ධාතු බැංකුව සමග සම්බන්ධ විය හැකි බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.