කොළඹ – නුවර මාර්ගයේ වරකාපොල, දුම්මලදෙණිය ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
අද (22) සුළු මොහොතකට පෙර සිදුවූ මෙම අනතුරට ලක්ව ඇත්තේ, මහනුවර – දෙහිවල සහ කල්මුණේ – කොළඹ අතර ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක්.
අනතුරින් තුවාල ලැබූවන් රෝහල් ගත කිරීමට පියවර ගනිමින් සිටින අතර, අනතුරෙන් පසු එම මාර්ගයේ තවත් වාහන කිහිපයක් ද අනතුරට ලක්වීම නිසා කොළඹ – නුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා.