ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙරටට ගෙනවිත් තිබූ කේරළ ගංජා කිලෝ 350කට ආසන්න තොගයක්, යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයෙන් පොලීසිය විසින් අද (22) අළුයම සොයාගෙන තිබෙනවා.
යාපනය යුධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත පොලීසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදී, මෙම ගංජා පාර්සල් 154ක් සොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් මිලියන 60කට ආසන්න බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.