2025 වසර සඳහා පාසල් සිසුන් වෙත නිල ඇඳුම් රෙදි බෙදා හැරීම සම්පූර්ණ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මේ අනුව රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් 10,096ක් සහ අනුමත පිරිවෙන් 822ක් සඳහා රෙදි බෙදාහැරීම් සිදුකර තිබෙනවා.
මෙවර ලබාදුන් රෙදිවලින් ප්‍රතිලාභ ලැබූ සමස්ත සිසුන් සංඛ්‍යාව 4,640,086ක් වන අතර, ඒ සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණය මීටර් මිලියන 12ක් පමණ චීන රජයෙන් ලබාදුන් ප්‍රදානයක්.
පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් රෙදි ලබාදීම 1992 සිට අඛණ්ඩව සිදුකරන අතර, 2025 වසර සඳහා අවශ්‍යතාවයේ 100%ම මහජන චීන සමූහාණ්ඩුව විසින් සපයා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.