ඊයේ දෙවිනුවර සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

shooting

දෙවිනුවර, සිංහාසන පාරේදී ඊයේ (21) රාත්‍රියේ තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි හි සැඟව සිටින ‘බාලේ මල්ලි’ ලෙස හැඳින්වෙන අපරාධකරු ෂෙහාන් සත්සර විසින් මෙම ඝාතන මෙහෙයවා ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ දෙවිනුවර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවති උපන්දින සාදයකින් පැමිණෙමින් සිටි 28 හා 29 හැවිරිදි පසිඳු තාරක සහ යොමේෂ් නාදීශාන් නම් තරුණයින් දෙදෙනායි.

වෙඩි තැබීමට භාවිතා කළ වෑන් රථය වැල්ලමඩම ප්‍රදේශයේදී ගිනි තබා තිබුණු තත්ත්වයෙන් සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතිනවා.